මධ්‍යම පළාතේ 1993 අංක 04 දරණ සංශෝධන ප්‍රඥප්තියෙන් සංශෝධිත 1990 අංක 10 දරණ සමුපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි සෑම සමුපකාර සමිතියක්ම ලියාපදිංචි වූ අවස්ථාවේ සිට සමුපකාර දර්ශනය හා පරමාර්ථ වලට එකඟව ඒ ඒ සමිතිවල අතුරු ව්‍යවස්ථානුකූල අරමුණු කරා ළඟා වීමේදී සිදුකරනු ලබන නොයෙකුත් කළමනාකරණ කාර්යයන් ප්‍රඥප්තියේ සඳහන් නෛතික විධිවිධාන හා බැඳී පවතී.
එබැවින් එම කාර්යයන් තත්කාලීන නීතියට එකඟව සිදුකරන ලද බව අධීක්ෂණය කරමින් නිර්‍දේශ කිරීම සඳහා මධ්‍යම පළාත පුරා විසිරුණු අපගේ කළාප කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාලවල කළාප මුලස්ථාන සංවර්ධන නිළධාරීන් ප්‍රමුඛ සහකාර කොමසාරිස්වරුන්ගේ නිර් දේශය සහිතව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර්ගේ අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ. එබැවින් සමුපකාර ව්‍යාපාරයේ මෙම අත්‍යවශ්‍ය කළමනාකරණ කාර්යයන් නීතිමය විධිවිධානයන්ට යටත්ව නිවැරදිවත් කාර්යක්ෂමවත් සේවා දායකයන්‍ගේ අපේක්ෂාවන් ඉටුකරලීම සඳහා දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය ඉතා යුහුසුඵව මෙම සත්කාරයේ නියැලී සිටී.
- සමිතියක් ලියාපදිංචි කිරීම.
- දේපළ මිලදී ගැනීම හා බැහැර කිරීම සඳහා අනුමැතිය (චංචල හා නිශ්චල දේපල)
- පිරිස් බල තක්සේරුව අනුමත කර ගැනීම.
- පිරිස් බලය අනුමත කිරීම.
- අතුරු ව්‍යවස්ථා සංශෝධනය.
- ණය හා ස්ථිර අයිරා සඳහා අනුමැතිය ලබාදීම.
- තාවකාලික අයිරා සඳහා අනුමැතිය ලබාදීම.
- අයිතිවාසිකමි අත්හැර දැමීම සඳහා අනුමැතිය. (වටිනාකම රු.1000/= ඉක්මවන විට)
- බැංකු ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම.
- පිටණය සීමාව අනුමත කිරීම. (අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන සලස්වා ඇති පරිදි)
- ලාභ බෙදීමට අනුමැතිය ලබාදීම.
අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
"පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න
තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,