ආයුබෝවන්!
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වේත පිවිසි ඔබ සාදරෙයන් පිලිගනිමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ 1988 වර්ෂය් දී ශ්‍රී ලංකාව තුළ පලාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ 5ක් ස්ථාපිත කර ඇත. එහි මධ්‍යම පළාත් යෞවන කටයුතු,වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන ,සමුපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක තුන මූලික කරගනිමින් කටයුතු කරනු ලැබේ.
අපගේ දර්ශනය

විශිෂ්ඨතම සමුපකාර ව්‍යවසායකත්වයක් හා සමුපකාර සමාජයක් 2030 දී මධ්‍යම පළාත තුළ බිහිකිරීම..
අපගේ මෙහෙවර

මධ්‍යම පළාත තුළ සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම වලට අනුකූලව සමුපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත වගකීම් ඉටුකරමින් සමුපකාර සංවිධාන වල යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසා සම්පත්දායකයෙකු, උපදේශකයෙකු, සහයවන්නකු, සම්බන්ධීකාරකවරයකු සහ මගපෙන්වන්නකු ලෙස කටයුතු කරමින් යහපාලිත සමුපකාර පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.
සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්ගේ පණිවිඩය
සාමූහික කණ්ඩායමක් තම සියලු දෙනාගේම අභිවෘද්ධිය වෙනුවෙන් ඇතිකරගත්, පොදු සම්මුතියකින් රොච්ඩේල් පුරෝගාමීන්ගේ ජාත්‍යන්තරය තුළ බිහිවු සමුපකාරය අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති, ප්‍රජාතන්ත්‍රවාදී උතුම් මානව ගුණධර්ම වලින් හෙබි,මාහැගි ව්‍යාපාරයකි.ශ්‍රී ලංකාව තුළ සමුපකාරයේ පිබිදීම ගැන සලකා බැලීමේ දී මධ්‍යම පළාතට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.එදා දුම්බර මිටියාවතේ තෙල්දෙණියෙන් ඇරඹි සමුපකාර ව්‍යාපාරය මෙන්ම , ශ්‍රී ලංකාවේ ග්‍රාමීය බැංකු වල මුලාරම්භය ද සිදුවන්නේ මැණික්හින්න ග්‍රාමීය මහජන සමුපකාර බැංකුවෙනි.
විවෘත සාමාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සමාජ ආර්ථිකය සහභාගීත්වය, ස්වයංපාලනය, ස්වෛරීභාවය, අධ්‍යාපන පුහුණු හා සංවර්ධනය , සමුපකාර අතර සහයෝගීතාවය,ප්‍රජාව පිළිබඳ සැලකිලිමත්වීම, සමුපකාර මුලධර්ම වලින් හෙබි සමුපකාරය ශ්‍රී ලංකාවේ ආර්ථික තුළ සමුපකාර සමිති, සණස ,සමුපකාර බැංකු ,පාරිභෝගික ඉන්ධනහල් වැනි ව්‍යාපාර අංශ ලෙස ද අද මෙරට තුළ ව්‍යාප්ත වී ඇත.
තරගකාරි ව්‍යාපාරික පරිසරයක් තුළ අභියෝගයට ලක්වුව ද සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උසස් සමුපකාර මුලධර්ම හා ගුණාංගවලින් යුත් සමුපකාරයන් ඇති කිරීමෙහිලා පුරෝගාමීව තම රාජ්‍ය මෙහෙවර ඉටුකරමින් සිටී. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආර් ථික ,සමාජ සාධාරණත්වය හා සංස්කෘතික සාරධර්ම සුරකිමින් සමුපකාර ප්‍රජාව ඉදිරියට ගෙන යාම, තම ප්‍රමුඛ වගකීම ලෙස සලකා මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වශයෙන් අප කැපවී කටයුතු කරමු.
දැන්වීම් පුවරුව
ඉල්ලුම්පත්‍ර කැඳවීම
Saturday Promo 2023
යෝජනා සහ පැමිණිලි
අමුත්තන්
අප සමග අමුත්තන් 39 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී
සංවර්ධන සේවාවන්
විගණන සේවාවන්

මධ්‍යම පළාතේ සමුපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කර ඇති සමුපකාර සමිතිවල අරමුණු ඉටුකර ගැනීමේදී තම සම්පත් එනම්,
- මුදල්
- ශ්‍රමය (මානව සම්පත)
- යන්ත්‍ර සූත්‍ර
- ද්‍රව්‍යයන්
- ක්‍රමශිල්ප
සමූපකාර දින පණිවිඩය 2024
සෑම වර්ෂයකම ජූලි මාසයේ පළවෙනි ශනිදා එළඹෙන ලෝක සමූපකාර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සමරන සමූපකාර දිනය ඔබටත් මටත් සුපුරුදු ලෙස එළඹෙන්නෙකි. නමුත් එම එළඹෙන දිනය වඩාත් සුවිශේෂී වීමට නම් අපි ගතවූ වර්ෂ සියයකට අධික කාලයකට වඩා යම් පියවරක් ඉදිරියට තබා තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් සලකා බැලීමේදී සඳහන් කළ හැක්කේ අතීතයේ එක්තරා කාලයක එලෙස වර්ධනය වෙමින් පැවති සමූපකාර ව්‍යාපාරය ලෝකයේ හා දේශීය ආර්ථිකයේ පරිවර්තනයක් සමඟ යම් පසුබෑමටකට ලක්වූවත් එතුලින්ම ලැබුණු පන්නරය ඔස්සේ නැවතත් නව පනක් ලැබී ඇති බවයි. විශේෂයෙන්ම විවෘත ආර්ථික රටාවන් ඔස්සේ ප්‍රතිලාභ විඳින ගමන්ම එහි ඇති අවගුණද ජනතාවට තේරුම් ගැනීමට හැකිවීම සහ විශේෂයෙන්ම ජාතික ව්‍යසන, වසංගත , ආර්ථික අර්බුද වැනි කාලසීමාවල එම ආර්ථික ක්‍රමයෙන් නිසි විසඳුම් නොලැබීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය.
එලෙසම යම් රටක් සංවර්ධනය වීමේදී ප්‍රධාන වශයෙන්ම බලපාන සහ සංවර්ධනයේ මිම්මක් ලෙස ගන්නා තිරසාර සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයට අප සමූපකාර ව්‍යාපාරය වෙත නැවත යොමු විය යුතුමය. සැබවින්ම තිරසාර ග්‍රාමීය සංවර්ධනය යනු එයයි. මෙම අදහස සම්පූර්ණයෙන්ම නොවූවත් එහි ඡායාමාත්‍ර වශයෙන් හෝ ජනතාව අතර මේ වන විට පැතිරෙමින් පැවතීම සලකා බලන විට ඉදිරි කාලය තුළ එය ජනතාව ගේ අත්‍යාවශ්‍ය අංගයක් වෙනු ඇත. එදිනට සමූපකාර ව්‍යාපාරය ජනතාවට සමීප වීමට තරම් ලඟින් සිටීමට නම් අප එය ඒ සඳහා සුදුසු මට්ටමෙන් සකස් කර තිබිය යුතුය.
වර්තමානයේදී මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණ වන්නේ එයයි. මේ තාක් කල් යම් යම් පසුබැසීම් වලට අලාභ ලැබීම්වලට, අක්‍රමිකතාවලට ලක්වී තිබුණු සමූපකාර සමිති නිසි මඟකට යොමු කර විගණනය, විමර්ශනය, අධීක්ෂණය ඔස්සේ විනිවිදභාවයකින් යුතු සමස්ථ සමූපකාර සමිති ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීම ආරම්භ වී තිබීම අප පසුගිය වර්ෂ තුළ ලබාගත් ජයග්‍රහණයයි. විශේෂයෙන්ම සමිති බල ප්‍රදේශ විධිමත් කර ගනිමින්, සමිති සාමාජිකයන් වර්ධනය කර ගනිමින්, සෑම පවුලක්ම සමූපකාර ව්‍යාපාරයේ සාමාජිකයකු කිරීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ මේ වන විට සමූපකාර ව්‍යාපාරය නැවතත් ජනතාව ගෙ ව්‍යාපාරය බවට පත්වෙමින් තිබේ. තමන්ගේ ගමට තමන්ගේම වෙළඳ සැලක්, තමන්ගේම බැංකුවක්, තමන්ගේම නිෂ්පාදන ව්‍යාපෘති ජාලයක් යන අදහස ජනතාව වෙත ලබාදීමත්, ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම පහසුකරවීමට තොරතුරු තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබාදීමත් පසුගිය වර්ෂ කිහිපයේ සමූපකාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉලක්කයක් වූ අතර එය ඉදිරි පස් අවුරුදු කාලය තුළ යථාර්ථයක් බවට පත්වනු ඇත. අතරමඟ නවතා දැමී තිබුණු සමූපකාර සමාජයක් ගොඩනැගීමේ විප්ලවය ඉතාමත්ම නුදුරු දිනකදී සාක්ෂාත් වී එහි ප්‍රතිලාභ ලබාගත් සමූපකාර සමාජයක්ම තුළින් සංවර්ධනය වුනු ශ්‍රී ලංකාවක් නුදුරු අනාගතයේම දක්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
අමිල නවරත්න
සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්
මධ්‍යම පළාත








අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
"පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න
තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,