නිතර අසන පැන

 

 

 

 FAQs

සංවර්ධන

සමුපකාර සමිතියක් ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය ලේඛන මොනවාද?

  1. ලියාපදිංචිය සඳහා ඉල්ලුමි පත්‍රය (ප්‍රාථමික සමිතියක් නමි අවම වශයෙන් කොටස් සමිපූර්‍ණ කළ සාමාජිකයන් 10 දෙ‍නෙකුවත් එහි අත්සන් කළ යුතු අතර ලියාපදිංචි සමිති සාමාජික වන සමිතියක් නමි සමිති තුනක් වත් එහි අත්සන් කර තිබිය යුතුය.
  2. යෝජිත අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක් (මෙම අතුරු ව්‍යවස්ථාව මහසභාව විසින් පිළිගෙන තිබිය යුතු අතර වයස අවුරැදු 18 -35 අතර දෙදෙනෙකු ඇතුලත් වන ලෙස කාරක සභාවේ සංයුතිය සකස් වී තිබිය යුතුයි.
  3. එම අතුරු ව්‍යවස්ථාව සමුපකාර ප්‍රඥප්තියට හා රීති වලට පටහැනි නොවන බවට සහතිකයක්
  4. සහතික කල මහසභා වාර්‍තා පිටපත් ( සමිතිය පිහිටුවීම , අතුරු ව්‍යවස්ථා පිළිගැනීම , නිලධාරී මණ්ඩලය පත්කිරීම තීරණය කල මහසභා වාර්තාව පිටපත්)
  5. ශක්‍යතා වාර්‍තාව
  6. එම ශක්‍යතා වාර්‍තාව සමිතියේ ශක්‍යතාව පිළිඹිබු කරන බවට සුදුසුකමි ලත් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් ලබාගත් සහතිකයක්
  7. සමිතියේ ප්‍රගති වාර්තාව (ලියාපදිංචිය සදහා ඉල්ලුමි කරන දින දක්වා මාස 06 කට වඩා ප්‍රගතිය)
  8. සමිතියේ ආරමිභක සාමාජිකයන් ඒ වන විට ව්‍යවස්ථාවෙන් නියමිත ගෙවීමි කර ඇති බවට හා ඒවා සුරක්ෂිතව ඇති බවට සහතිකයක්
  9. සමිතියේ නිලධාරී මණ්ඩලයේ තොරතුරු (නම, වයස, ලිපිනය, රැකියාව, අධ්‍යාපන සුදුසුකමි)
  10. සමිතියේ මහසභා රැස්වීමිවලට සහභාගි වූ අයගේ පැමිණීමේ ලේඛණය
  11. මාර්‍ග සිතියම
  12. බල ප්‍රදේශය දැක්වෙන සිතියම
  13. ලියාපදිංචිය ඉල්ලුමි කරන දින දක්වා ප්‍රාග්ධන ගිණුම (ගිණුමි වල ශේෂ සනාථ කිරීම සදහා උපලේඛණ හෝ ශේෂ සහතිකය සමග)
  14. සමුපකාර සංවර්‍ධන නිලධාරීවරයාගේ නිර්දේශය.

අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරීම සදහා අවශ්‍ය ලේඛන මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. මහසභා රැස්වීමි කැදවී‍මේ දැන්වීමි පිටපත (අදාළ සංශෝධනය පිළිබද රැස්වීම කැඳවීම දැන්වීමේ සඳහන් විය යුතුය)
  3. මහසභා රැස්වීමි න්‍යාය පත්‍රය
  4. අතුරු ව්‍යවස්ථා සංශෝධනය සමිමත කල මහසභා රැස්වීමේ සහතික කළ පිටපතක්
  5. අතුරු ව්‍යවස්ථා සංශෝධනය රීති 33 නියමය පරිදි නීත්‍යානුකූලව සිදුවූ බවට සමිතියේ සභාපති හා ලේකමි අත්සන් කළ  ප්‍රකාශය
  6. අතුරු ව්‍යවස්ථා සංශෝධන ප්‍රඥප්තියට හා රීතිවලට පටහැනි නොවන බවට රීතිවලට අනුකූලව ලබාගත් සහතිකයක් (සමුපකාර සංවර්ධන නිලධාරී විසින්)
  7. යෝජිත අතුරු ව්‍යවස්ථා සංශෝධන පිටපත් දෙකක්
  8. සමිතියේ ලියාපදිංචි අතුරු ව්‍යවස්ථාව
  9. සමිතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමුපකාර සංවර්‍ධන නිලධාරීවරයාගේ නිර්දේශය.

දේපළ මිලදී ගැනීම හා බැහැර කිරීම සදහා අනුමැතිය ලබාගැනීම සදහා අවශ්‍ය ලේඛන මොනවාද?(චංචල හා නිශ්චල දේපල)

  1. සමිතියේ ඉල්ලීම
  2. මහසභා තීරණයේ සහතික කල පිටපතක්
  3. අවසන් වරට විගණනයට භාජනය කරන ලද ශේෂ පත්‍රයේ පිටපතක්
  4. තෙමසකට වඩා කල්ගත නොවූ ප්‍රාග්ධන ගිණුමක්
  5. මිලදී ගැනීමක් නමි ශක්‍යතා වාර්තාව ක් හා විකිණීමක් නමි තක්සේරු වාර්තාවක්
  6. තක්සේරු වාර්තාව (සීල් තබා සහකාර කොමසාරිස්වරයා වෙත සෘජුවම ලැබී තිබීම)
  7. සමුපකාර සංර්‍වධන නිලධාරිවරයාගේ නිර්දේශය.

ණය හා ස්ථිර අයිරා සදහා අනුමැතිය ලබාදීම සදහා සපුරාලිය යුතු සුදුසුකමි මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. අධ්‍යක්ෂ මණ්ඩල තීරණයේ පිටපත
  3. ණය මුදල ව්‍යාපාරය තුල ආයෝජනය කිරීම පිළිබද ආර්ථික ශක්‍යතාවය
  4. ණය/අයිරා ලබා ගැනීමට සැලසුමි කළ වාර්ෂික සැලැස්මේ හා ඇස්තමේන්තුවේ පිටපත
  5. මාස 3 කට වඩා නොපැරණි කාරක ප්‍රාග්ධන ගිණුමක්
  6. අවසාන විගණිත ශේෂ පත්‍රය මාස 6 කට වඩා පැරණි නමි ප්‍රාග්ධන ගිණුමක්
  7. ණය/අයිරා සදහා බැංකුවට සුරැකුමි ලෙස තබන දේපල මොනවාද යන්න හා ඒවායේ වර්තමාන වෙළදපොල වටිනාකම
  8. මහසභාව අනුමත කළ පිටණය සීමා‍‍වේ  පිටපත
  9. සමුපකාර සංවර්ධන නිලධාරිවරයාගේ නිර්දේශය.

තාවකාලික අයිරා සදහා අනුමැතිය ලබාදීමට අවශ්‍ය ලේඛන මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. අධ්‍යක්ෂ මණ්ඩලයේ / කාරක සභාවේ  තීරණපිටපත
  3. තාවකාලික අයිරා අවශ්‍යතාවය හා අයිරාව පියවන ආකාරය පිළබද වාර්තාවක්
  4. මහසභාව අනුමත කළ පිටණය සීමාවේ පිටපත
  5. සමුපකාර සංවර්ධන නිලධාරිවරයාගේ නිර්දේශය.

අයිතිවාසිකමි අත්හැර දැමීම සදහා අනුමැතිය (වටිනාකම රු.1000/= ඉක්මවන විට)

  1. සමිතියේ ඉල්ලීම
  2. මහසභා / අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ඇතුලත් සහතික කළ වාර්තා පිටපත්
  3. කපා හැරීමට අපේක්ෂිත වත්කමි අයකර ගැනීමට සාධාරණ උත්සාහයක් දැරූ බවට වාර්තාවක්
  4. කපා හැරීමේ ලේඛණ
  5. සමුපකාර සංවර්ධන නිලධාරිවරයාගේ නිර්දේශය.

බැංකු ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සදහා ඉදිරිපත් කල යුතු ලේඛන මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. නිලධාරීන් පත්කල රැස්වීමිවල සහතික කල පිටපත්
  3. මැන්ඩේටි පත්‍රය
  4. ගිණුමි විවෘත කිරීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණ පිටපත
  5. අත්සන් කිරීමට බලය පැවරී ඇති අතුරු ව්‍යවස්ථාවේ සහතික කල පිටපත
  6. සමුපකාර සංර්‍වධන නිලධාරිවරයාගේ නිර්දේශය.

පිටණය සීමාව අනුමත කිරීම (අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන සලස්වා ඇති පරිදි) සදහා ඉදිරිපත් කලයුතු ලේඛණ මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය
  3. උපරිම සීමාව තීරණය කල මහසභා වාර්තා පිටපත
  4. අවසන් වරට විගණිත ‍ශේෂ පත්‍රය
  5. මාස 3 කට වඩා නොපැරණි ප්‍රාග්ධන ගිණුමක්
  6. සමුපකාර සංවර්ධන නිලධාරිවරයාගේ නිර්දේශය.

ලාභ බෙදීමට අනුමැතිය ලබාදීම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. අධ්‍යක්ෂ මණ්ඩලයේ / මහසභාවේ තීරණයේ පිටපත
  3. විගණිත ශේෂ පත්‍රය
  4. මාස 3 කට වඩා නොපැරණි ප්‍රාග්ධන ගිණුමක්
  5. ලාභ බෙදීම පිළිබදව අතුරු ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන වල උධෘත
  6. සමුපකාර සංවර්ධන නිලධාරිවරයාගේ නිර්දේශය.

පිරිස් බලය අනුමත කිරීම සදහා සපුරාලිය යුතු සුදුසුකමි මොනවාද?

  1. සමිතියේ ඉල්ලීම
  2. අධ්‍යක්ෂ මණ්ඩල / කාරක සභා / මහසභා තීරණයේ සහතික කළ පිටපත්
  3. ප්‍රාග්ධන ගිණුම (මාස 03 කට වඩා නොපැරණි)
  4. අවසන් විගණන වාර්තාවේ අවසාන ගිණුමි හා ශේෂ පත්‍රයේ පිටපත
  5. අභ්‍යන්තර මැමෝ පත්‍රය
  6. අනුමත පිරිස්බල තක්සේරුව අනුව පිරිස් බලය අනුයුක්ත කර ඇති ආකාරය
  7. දැනට ක්‍රියාත්මක පිරිස්බල තක්සේරුවේ පිටපතක්
  8. සංශෝධනයේ අවශ්‍යතාවය සනාථ කරන තොරතුරු වාර්තාවක්
  9. වැටුප් ඇස්තමේන්තුව හා වැටුප් උපයා ගන්නා ආකාරය
  10. පිරිස්බල තක්සේරුව සංශෝධනයෙන් සමිතියේ ව්‍යාපාරික කටයුතු වලට සිදුවන බලපෑම
  11. සමුපකාර සංවර්ධන නිලධාරියාගේ නිර්දේශය

 

විගණනය

විගණන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?

  1. සෑම වර්ෂයකටම වරක් ව්‍යවස්ථාපිත විගණනය සිදුකළ යුතුයි.
  2. විගණන සැලසුමි කිරීම හා නිලධාරීන් යෙදවීම දෙපාර්තමේන්තුව මගින් සිදුවේ.
  3. විගණන වාර්තා සමාලෝචනය හා සමිතිය වෙත මුදා හැරීමෙන් පසු විගණන වාර්තාව සමිතියේ මහසභාව වෙත ඉදිරිපත් කළ යුතුය.
  4. විගණන වාර්තාවෙන් එළිදරවි වන කරුණු සමිබන්ධයෙන් විරෝධතා වෙතොත් ඒ සදහා දෙපාර්තමේන්තු මැදිහත්වීම සිදුවේ.

ව්‍යවස්ථාපිත විගණනය

මුදල් වර්ෂය අවසන් වී මාස 3 ක් ඇතුලත පහත සඳහන් ලේඛණ  සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වෙත ඉදිරිපත් විය යුතුය.

  1. ශේෂ පිරික්සුම හා සමිතියේ ව්‍යාපාරික කටයුතු වලට අදාළ වෙළද හා ආංශික ගිණුමි
  2. ලාභාලාභ ගිණුමි
  3. ශේෂ පත්‍රය
  4. ශේෂ පත්‍රය සනාථ කිරීමට අවශ්‍ය උප‍ලේඛණ

(උක්ත ලේඛණ ලැබුණු පසු විගණන සැලැස්මේ සඳහන් කාලවකවානුවලදී විගණන නිම කරනු ලැබේ)


 

ඈවර කිරීම් 

සමිතියක් වසා දැමීමට සිදුවන අවස්ථා මොනවාද?

  1. සමිතිය ලියාපදිංචි කර වර්ෂයක් ඇතුලත ගනුදෙනු ආරමිභ කර නොමැති විට
  2. සමිතිය ලියාපදිංචි කර ක්‍රියාත්මක කරගෙන ගොස් පසුව සමගාමී වර්ෂ 02 ක් තුළ ගනුදෙනු සිදුකර නොමැති විට
  3. සාමාජිකයින් සංඛ්‍යාව 10 ය අඩු විට
  4. සමිතියේ මහසභාවෙන් ¾ ක ඉල්ලීම මත

විගණන නිලධාරී විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව අනුව සමිතියේ ලියාපදිංචිය අවලංගු කර එතෙක් සමිතියේ තිබූ වත්කමි හා වගකීමි පිළිබද හිමිකමි කැඳවා ගනුදෙනු අවසන් කෙරේ.


 

බේරුමි කිරීම 

තීරකකරණය (ආරවුල් ‍බේරුමි කිරීම)

  1. ප්‍රදානය සදහා ඉල්ලුමි පත්‍රය (ණය/විවිධ)
  2. යවන ලද එන්තරවාසියේ පිටපත්
  3. එන්තරවාසිය භාරදුන් බවට ග්‍රාමීය බැංකු ක්ෂේත්‍ර නිලධාරියාගේ සහතිකය / සණස සමිතියක් නමි ලේකමිවරයාගේ සහතිකය
  4. එන්තරවාසිය ලියාපදිංචි තැපෑලෙන් යැවූ බවට සනාථය
  5. තීරකකරණයට යොමුකිරීමට හා නීති නියෝජිතයා පත් කිරීමට ගත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණවල පිටපත්
  6. නීති නියෝජිතයාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  7. 2007/7 චක්‍රලේඛය අනුව ණය අයකර ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් දැරූ බවට සමිතියේ සහතිකය
  8. තීරක ගාස්තු
  9. සමුපකාර සංවර්ධන නිලධාරිවරයාගේ නිර්දේශය

බේරුමිකරණයට යොමු වන්නේ ඇයි?

  1. සමිතියෙන් ලබාගන්නා ලද ණය මුදල් නැවත පියවීම සිදු නොවීම සමිබන්ධයෙන් සමිතිය හා සාමාජිකයින් අතර ඇතිවන ආරවුල්
  2. සමිතිය හා සේවකයින් අතර සමිතියේ ව්‍යාපාරික කටයුතු සමිබන්ධයෙන් වන ආරවුල්

බේරුමිකරණය මගින් සමථයකට පත් නොවන අවස්ථාවලදී අධිකරණයට යොමු කෙරේ.

අපගේ කාර්යභාරය

our responsibility

 

  • ‍වෙළඳපල ආර්ථික ක්‍රමයට අනුකූලව සමුපකාර චින්තනය සමාජගත කිරීම හා සමුපකාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීම.
  • සමුපකාර චින්තනය අනුව කටයුතු කිරීමට උපකාරී වන ආයතනික පහසුකමි නීති පද්ධතිය සමඟ ප්‍රඥප්තියේ හා රීති මාලාවේ හා එයට අදාළ රෙගුලාසි සකස් කිරීමට මගපෙන්වීම.
  • සමුපකාර චින්තනය වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය තොරතුරැ පද්ධතිය සකස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන  යාම.
  • සමුපකාර සමිති සංවිධානය කිරීම හා ලියාපදිංචි කිරීම.
  • සමුපකාර සමිති සඳහා අවශ්‍ය අවස්ථාවලදී නීතිමය මගපෙන්වීම.
  • සමුපකාර සමිති කළමනාකරණය සහ සංවර්ධනය.
  • ලියාපදිංචි සමුපකාර සමිතිවල වාර්ෂික විගණනය කිරීම.
  • සමුපකාර සමිතිවල පරීක්ෂණ හා විමර්ශණ කටයුතු සිදුකිරීම.
  • සමුපකාර සමිතිවලට අදාළ පාර්ශවයන් අතර පැනනගින ආරවුල් විසඳීම සඳහා ආරවුල් බේරුම්කරණයේ යෙදීම.
  • සමුපකාර සමිතිවල කල්පසු වූ ණය ඇතුඵ විවිධ අඩුවීම් අධීක්ෂණය මගින් අයකර අදාළ සමිතිවලට ලබාදීම.ජාතික සංවර්ධනය සඳහා දායකත්වය ලබාදීම.

කොමසාරිස්තුමාගේ පණිවිඩය

සමුපකාර ව්‍යාපාරයේ ‍ඓතිහාසික සිද්ධාන්ත, දෙපාර්තමේන්තුවේ විවිධ සේවාවන් පිළිබද තොරතුරු මෙන්ම විවිධ කරුණු පිළිබදව තොරතුරු ලබාදෙමින් ඔබ හා එක්වීමට ලැබීම පිළිබදව නිහතමානීව සතුටු වෙමි. විකල්ප ආර්ථික ක්‍රියාකාරීත්වයක් වශයෙන් වර්තමාන ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මධ්‍යම පළාතෙන් බව අප සිහිපත් කරනුයේ මහත් ආඩම්බරයෙනි. ඒ 1906 දී මධ්‍යම පළාතේ තෙල්දෙණියේ දුම්බර සමුපකාර ණය දෙන සමිතියේ ආරම්භයත් සමගිනි. තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුපකාර සම්මේලනය ද පවත්වා ඇත්තේ 1914 දී ආණ්ඩුකාර ‍රොබට් චාමස්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහනුවර රජගෙදර දී ය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රාමීය බැංකුව ලෙස සී/ස මැණික්හින්න  ග්‍රාමීය මහජන බැංකුව 1964 දී මහනුවර දිස්ත්‍රික්කය ‍කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද බවද සිහිපත් කරමි.

මෙසේ ඇරඹි සමුපකාර ව්‍යාපාරය යුගයෙන් යුගයට විවිධ සන්ධිස්ථාන පසුකරමින් අද වන විට ශ්‍රී ලාංකීය ආර්ථික‍යේ සුවි‍ශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. 1911 වසරේදී ශ්‍රී ලාංකීය සමුපකාර ව්‍යාපා‍රයේ නීත්‍යානුකූල පරිපාලන ව්‍යුහයක් ඇති කිරීම සඳහා 1911 අංක 7 දරණ ණය දෙන සමිති ආඥා පනත ඇති කරමින් රජයේ අධීක්ෂණයට ලක් කළ අතර ඒ සඳහා වසර 105 ක් ගතවන මේ මොහොතේදී මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමුපකාර ප්‍රජාව වෙත සලසන සේවය පිළිබඳව විස්තරද ‍ වෙබ් අඩවියක් හරහා ලබා දීමට හැකිවීම සුවිශේෂී කාරණයකි.

මධ්‍යම පළාතේ සමුපකාර සාමාජිකත්වයට , සමුපකාර සමිතිවලට , වෙනත් රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට සහ පොදු මහජනතාවට මෙම වෙබ් අඩවිය හරහා අප දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැකි සේවාව හා එම සේවය ලබාගත හැකි කලාප හා දිස්ත්‍රික් කාර්යාල පිළිබඳ විස්තර ද තමන්ට අවශ්‍ය සේවය කඩිනමින් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ හා වාර්තා පිළිබඳ විස්තර ද මෙම ‍වෙබ් අඩවිය හරහා ලබාදී ඇත.

ඒ අනුව , නවීන සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අපගේ සේවාවන් ඔබ වෙත ලබාදීමට සමුපකාර දෙපාර්තමෙන්තුව හා සියඵම සමුපකාර සමිති විසින් දරණ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමෙහිලා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමි.

අමිල නවරත්න
සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්
මධ්‍යම පළාත

දුරකථන නාමාවලිය

තනතුර

නම 

දුරකථන අංකය

සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්

අමිල නවරත්න
(ශ්‍රී.ලං.ප.සේ. 1)
+94 812 201840
+94 707 039091

සමුපකාර සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්

ආර්.එම්.එස්. රත්නායක
(ශ්‍රී.ලං.ප.සේ. 11)
+94 814 947703
+94 772 255474

සමුපකාර සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් - මහනුවර

එස්.එම්.සී. සමරකෝන්
(ශ්‍රී.ලං.ප.සේ. 11)
+94 814 947704
+94 716 028514

සමුපකාර සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් - නුවරඑළිය

එස්.එස්. ප්‍රේමසිංහ
(ශ්‍රී.ලං.ප.සේ. 11)
+94 524 925719
+94 718 732427

ගණකාධිකාරි

ජී.ජී.ආර්. පියතිලක

+94 812 051011
+94 706 322520

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (නීති/තීරක)

A P G P නිශ්ශංක මහතා

+94 814 947705
+94 718 180066

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (සංවර්ධන)

අනුර මහවිතාන

+94 814 946157
+94 718 237233

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (මාතලේ)

ඒ.එම්.ජී.බී. විජේසුන්දර

+94 664 930724
+94 775 678107

පරිපාලන නිලධාරි

ප්‍රියන්තා කුමාරි දිසානායක

+94 814 947702
+94 714 460662

දිස්ත්‍රික් නිලධාරි - මහනුවර

කේ.ඩී.එස්.ජී. කුලතුංග

+94 812 234303
+94 777 963998

දිස්ත්‍රික් නිලධාරි - මාතලේ

ඒ.ජේ. අබේසිංහ

+94 664 930725
+94 723 989195

 

මහනුවර දිස්ත්‍රික් කාර්යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+94 812 234303

මාතලේ දිස්ත්‍රික් කාර්යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+94 662 222382

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+94 522 222802

පුහුණු මධ්‍යස්ථානය

training centre අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614  අමියන්ගොඩ  මහතා අමතන්න

පාසල් සංවර්ධන වැඩසටහන්

school development program "පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614  අමියන්ගොඩ  මහතා අමතන්න

පුහුණු වැඩසටහන්

training programs IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න 

අප අමතන්න

Reach us තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,
බෝගම්බර, මහනුවර, 20000
ශ්‍රී ලංකාව
coopdept2012@gmail.com