කොමසාරිස්තුමාගේ පණිවිඩය

සමුපකාර ව්‍යාපාරයේ ‍ඓතිහාසික සිද්ධාන්ත, දෙපාර්තමේන්තුවේ විවිධ සේවාවන් පිළිබද තොරතුරු මෙන්ම විවිධ කරුණු පිළිබදව තොරතුරු ලබාදෙමින් ඔබ හා එක්වීමට ලැබීම පිළිබදව නිහතමානීව සතුටු වෙමි. විකල්ප ආර්ථික ක්‍රියාකාරීත්වයක් වශයෙන් වර්තමාන ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මධ්‍යම පළාතෙන් බව අප සිහිපත් කරනුයේ මහත් ආඩම්බරයෙනි. ඒ 1906 දී මධ්‍යම පළාතේ තෙල්දෙණියේ දුම්බර සමුපකාර ණය දෙන සමිතියේ ආරම්භයත් සමගිනි. තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුපකාර සම්මේලනය ද පවත්වා ඇත්තේ 1914 දී ආණ්ඩුකාර ‍රොබට් චාමස්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහනුවර රජගෙදර දී ය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රාමීය බැංකුව ලෙස සී/ස මැණික්හින්න  ග්‍රාමීය මහජන බැංකුව 1964 දී මහනුවර දිස්ත්‍රික්කය ‍කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද බවද සිහිපත් කරමි.

මෙසේ ඇරඹි සමුපකාර ව්‍යාපාරය යුගයෙන් යුගයට විවිධ සන්ධිස්ථාන පසුකරමින් අද වන විට ශ්‍රී ලාංකීය ආර්ථික‍යේ සුවි‍ශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. 1911 වසරේදී ශ්‍රී ලාංකීය සමුපකාර ව්‍යාපා‍රයේ නීත්‍යානුකූල පරිපාලන ව්‍යුහයක් ඇති කිරීම සඳහා 1911 අංක 7 දරණ ණය දෙන සමිති ආඥා පනත ඇති කරමින් රජයේ අධීක්ෂණයට ලක් කළ අතර ඒ සඳහා වසර 105 ක් ගතවන මේ මොහොතේදී මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමුපකාර ප්‍රජාව වෙත සලසන සේවය පිළිබඳව විස්තරද ‍ වෙබ් අඩවියක් හරහා ලබා දීමට හැකිවීම සුවිශේෂී කාරණයකි.

මධ්‍යම පළාතේ සමුපකාර සාමාජිකත්වයට , සමුපකාර සමිතිවලට , වෙනත් රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට සහ පොදු මහජනතාවට මෙම වෙබ් අඩවිය හරහා අප දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැකි සේවාව හා එම සේවය ලබාගත හැකි කලාප හා දිස්ත්‍රික් කාර්යාල පිළිබඳ විස්තර ද තමන්ට අවශ්‍ය සේවය කඩිනමින් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ හා වාර්තා පිළිබඳ විස්තර ද මෙම ‍වෙබ් අඩවිය හරහා ලබාදී ඇත.

ඒ අනුව , නවීන සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අපගේ සේවාවන් ඔබ වෙත ලබාදීමට සමුපකාර දෙපාර්තමෙන්තුව හා සියඵම සමුපකාර සමිති විසින් දරණ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමෙහිලා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමි.

අමිල නවරත්න
සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්
මධ්‍යම පළාත

Related Articles

නිතර අසන පැන

සංවිධාන ව්‍යුහය

අපගේ කාර්යභාරය

පුහුණු මධ්‍යස්ථානය

training centre අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614  අමියන්ගොඩ  මහතා අමතන්න

පාසල් සංවර්ධන වැඩසටහන්

school development program "පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614  අමියන්ගොඩ  මහතා අමතන්න

පුහුණු වැඩසටහන්

training programs IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න 

අප අමතන්න

Reach us තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,
බෝගම්බර, මහනුවර, 20000
ශ්‍රී ලංකාව
coopdept2012@gmail.com