ආයුබෝවන්!

Ccentral Province Flag Sri Lankaශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ  නිල වෙබ් අඩවිය වේත පිවිසි  ඔබ සාදරෙයන් පිලිගනිමු.

ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ 1988 වර්ෂය් දී ශ්‍රී ලංකාව තුළ පලාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. එහි  ප්‍රතිපලයක් ලෙස මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ 5ක් ස්ථාපිත කර  ඇත. එහි ප්‍රධාන අමාත්‍යාංශය යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක  තුන මූලික කරගනිමින් කටයුතු කරනු ලැබේ.

අපගේ දර්ශනය

Our Visionවිශිෂ්ඨතම සමුපකාර සමාජයක් නිර්මාණය කිරීමට නායකත්වය දීම..

අපගේ මෙහෙවර

Our Mission

මධ්‍යම පළාත තුළ සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්මවලට අනුකූලව සමුපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම සදහා ව්‍යවස්ථාපිත වගකීමි ඉටුකරමින් සමුපකාර සංවිධානවල යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසා සවිමත් නායකයෙකු, උපදේශකයෙකු , සහායවන්නෙකු, සමිබන්ධීකාරකවරයෙකු සහ මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් යහපාලිත සමුපකාර පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.

සමුපකාර සංවර්ධන කොමසාරිස්තුමාගේ පණිවිඩය

සමුපකාර ව්‍යාපාරයේ ‍ඓතිහාසික සිද්ධාන්ත, දෙපාර්තමේන්තුවේ විවිධ සේවාවන් පිළිබද තොරතුරු මෙන්ම විවිධ කරුණු පිළිබදව තොරතුරු ලබාදෙමින් ඔබ හා එක්වීමට ලැබීම පිළිබදව නිහතමානීව සතුටු වෙමි. විකල්ප ආර්ථික ක්‍රියාකාරීත්වයක් වශයෙන් වර්තමාන ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මධ්‍යම පළාතෙන් බව අප සිහිපත් කරනුයේ මහත් ආඩම්බරයෙනි. ඒ 1906 දී මධ්‍යම පළාතේ තෙල්දෙණියේ දුම්බර සමුපකාර ණය දෙන සමිතියේ ආරම්භයත් සමගිනි.

තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුපකාර සම්මේලනය ද පවත්වා ඇත්තේ 1914 දී ආණ්ඩුකාර ‍රොබට් චාමස්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහනුවර රජගෙදර දී ය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රාමීය බැංකුව ලෙස සී/ස මැණික්හින්න  ග්‍රාමීය මහජන බැංකුව 1964 දී මහනුවර දිස්ත්‍රික්කය ‍කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද බවද සිහිපත් කරමි.

දැන්වීම් පුවරුව

Saturday Promo 2023

යෝජනා සහ පැමිණිලි

ඔබට යෝජනා, නිර්දේශ, ප්‍රශ්න, පැමිණිලි හෝ පැසසුම් තිබේ නම්, කරුණාකර අපට දන්වන්න. අපගේ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වනු ඇත
යෝජනා සහ පැමිණිලි

සංවර්ධන සේවාවන්

මධ්‍යම පළාතේ 1993 අංක 04 දරණ සං‍‍ශෝධන ප්‍රඥප්ති‍‍යෙන් සං‍ශෝධිත 1990 අංක 10 දරණ සමුපකාර ප්‍රඥප්ති‍‍ය යට‍‍තේ ලියාපදිංචි සෑම සමුපකාර සමිතියක්ම ලියාපදිංචි වූ අවස්ථා‍‍‍වේ සිට සමුපකාර දර්ශනය හා පරමාර්ථ වලට එකඟව ඒ ඒ සමිතිවල අතුරු ව්‍යවස්ථානුකූල අරමුණු කරා ළඟා වී‍මේදී සිදුකරනු ලබන ‍නොයෙකුත් කළමනාකරණ කාර්යයන් ප්‍රඥප්ති‍‍යේ සඳහන් ‍නෛතික විධිවිධාන හා බැඳී පවතී.

විගණන සේවාවන්

audit services

මධ්‍යම පළාතේ සමුපකාර ප්‍රඥප්ති‍‍ය යට‍‍තේ ලියාපදිංචි කර ඇති සමුපකාර සමිතිවල අරමුණු ඉටුකර ගැනී‍මේදී තම සම්පත් එනම්,

  • මුදල්
  • ශ්‍රමය (මානව සම්පත)
  • යන්ත්‍ර සූත්‍ර
  • ද්‍රව්‍යයන්
  • ක්‍රමශිල්ප

අමුත්තන්

අප සමග අමුත්තන් 257 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

Visit Government Information Center - Sri Lanka

සමුපකාර දින පණිවිඩය

සියවසක සැමරුමකට පා තබන ජාත්‍යන්තර සමුපකාර ව්‍යාපාරයට සහ අද දිනට යෙදෙන ජාත්‍යන්තර සමුපකාර දිනයට  මධ්‍යම පළාත් සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් මාගේ සුභාශිංශනය පළමුවෙන් පිරිනමමි.

වෙනදා විවිධ උත්සව සැමරුම් වලින් හැඩ ගැන්වූ අද දිනය මෙවර සැමරෙන්නේ ඉතාමත් සරල අයුරිනි. ආර්ථික අර්බුදයට දැඩිලෙස මුහුණපෑ රටක් ලෙස සැලකෙන අපගේ දේශය මෙම තත්ත්වයට පත්වීම පිණිස සමුපකාර ව්‍යාපාරය ද අඩු වැඩි වශයෙන් දායකත්වය ලබාදුන් බව අප විසින් ස්වයං විවේචනාත්මකව පිළිගත යුතු සත්‍යයකි.

සමුපකාර ව්‍යාපාරය ආරම්භයේ දී තිබු සමුපාකාර ගති ලක්ෂණ වලින් හැඩ ගැන්වුණු දියුණු සමුපකාර ව්‍යාපාරයෙන් දැනට ඉතිරිව ඇත්තේ මොනවාදැයි යන්න අප විමසා බැලිය යුතු කරුණකි. සමස්ථයක් ලෙස ජනතාවගේ පිළිගැනීම වන්නේ මේ වන විට සමුපකාර ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් ජාලයක්, ණය දෙන, තැන්පතු භාර ගන්නා ආයතන සමූහයක් පමණක් බවයි. එකල සක්‍රියව ක්‍රියාත්මක වූ නිෂ්පාදන සමිති බොහොමයක් අද අක්‍රිය තත්ත්වයේ පවතී. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට දායකත්වය ඉතාම අල්ප මට්ටමක පවතී. අපනයනයට ලබාදෙන දායකත්වය නැති තරම්ය. මෙම කටුක සත්‍යයට මුහුණ දී නැවත වතාවක් ශක්තිමත්ව නැගී සිටීමට මෙම අර්බුදකාරී අවස්ථාව යොදාගත යුත්තේ එවැනි ව්‍යසනම අවස්ථාද බිහි කරන බැවිනි.

නව ආයෝජන අවස්ථා මත පදනම්ව ව්‍යාපාර ආරම්භ කිරීම, අපනයනය මත පදනම් වූ ව්‍යාපෘති සෑම සමිතියක් මගින්ම ක්‍රියාත්මක කිරීම, නව තාක්ෂණයට අනුගත ව්‍යාපාරික ක්‍රම අනුගමනය, අනෙකුත් රජයේ ආයතන සමඟ ඒකාබද්ධ ප්‍රවේශය, තොරතුරු තාක්ෂණය මත පදනම් වූ පරිපාලන ක්‍රියාවලියක් තුළින් අභ්‍යන්තර අක්‍රමිකතා අවම කර ගැනීම ආදිය තුලින් නව මානයක් කරා සමුපකාර ව්‍යාපාරය හැරවිය හැකි වනු ඇත. ඒ සඳහා මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව වශයෙන් ලබා දිය හැකි උපරිම ශක්තිය ලබාදීමට මේ වන විට අප සූදානමින් සිටිමු.

විශේෂයෙන්ම මින් ඉදිරියට කාලය, ශ්‍රමය, මුදල් නාස්ති කරන උත්සව, වැඩසටහන්, සාකච්ඡා, සම්මන්ත්‍රණ වෙනුවට සමුපකාර ව්‍යාපාරයේ ක්‍රමවේද සරල පහසු සහ ක්‍රමවත් වනු පිණිස තොරතුරු තාක්ෂණය මත පදනම් වූ මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කළ හැකි පද්ධතියක් මේ වන විට ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත.. එමෙන්ම බලගැන්වුනු සහ කාර්යශූර සමුපකාර සේවකයන් පිරිසක් බිහි කරනු වස් සරල සහ කාර්යක්ශම බඳවා ගැනීමේ හා උසස් වීමේ පරිපාටිය සහිත චක්‍රලේඛයක් සමුපකාර සේවක කොමිෂන් සභාව සමග ඒකාබද්ධව නිකුත් කෙරෙනු ඇත. එමෙන්ම පුරප්පාඩුව පවතින සමුපකාර සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර ඇති අතර ඔවුන් ලඟදීම සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමට රාජකාරි ආරම්භ කරනු ඇත

මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ අපනයන සහ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම සහ එහි ප්‍රතිලාභ සමස්ත ජනතාවට බෙදා හැරීම සදහා සමුපකාර ව්‍යාපාරයේ සියලූ ශක්තීන් යොදවා ගැනීමට පසුබිම සකස් කිරීමයි. ඒ සඳහා සමුපකාරිකයන් වශයෙන් සහ සමුපකාර සමිති වල නායකයන් ලෙස ඔබ ලබාදෙන දායකත්වය අතිශයින් වැදගත් වනු ඇත.

විශේෂයෙන් පසුගිය covid-19 වසංගත අවස්ථාවේදී එයින් මිදීමට ඔබ ලබාදුන් විශිෂ්ට දායකත්වය සේම ඊටත් වඩා බෙහෙවින් සංකීර්ණ වූ මෙවැනි ආර්ථික අර්බුදයකින් ගොඩ නැගීමට මධ්‍යම පලාත් සමුපකාර ව්‍යාපාරය සහ මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව සාමූහික ලෙස එකාවන්ව ශක්තිමත්ව නැගී සිටීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ඔබ සියලු දෙනාම එක්වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. මධ්‍යම පළාත් සමුපකාර ව්‍යාපාරයට ජය වේවා. ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරයට ජය වේවා. ජාත්‍යන්තර සමුපකාර ව්‍යාපාරයට ජයවේවා

අමිල නවරත්න
සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර්
මධ්‍යම පළාත

පුහුණු මධ්‍යස්ථානය

training centre අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614  අමියන්ගොඩ  මහතා අමතන්න

පාසල් සංවර්ධන වැඩසටහන්

school development program "පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614  අමියන්ගොඩ  මහතා අමතන්න

පුහුණු වැඩසටහන්

training programs IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න 

අප අමතන්න

Reach us තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,
බෝගම්බර, මහනුවර, 20000
ශ්‍රී ලංකාව
coopdept2012@gmail.com