Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeඅප ගැනකොමසාරිස් තුමාගේ පණිවිඩය

කොමසාරිස් තුමාගේ පණිවිඩය

Commissionerශ්‍රී ලංකාවේ ‍හොඳම පළාත් සභාව බවට පත්කිරීමේ අරමුණින් ‍ සියඵම රාජ්‍ය ආයතනවල කාර්යයන් මෙහෙය වන මෙවන් අවධියක ඊට සමගාමීට මධ්‍යම පළාතේ සමුපකාර ව්‍යාපාරයේ ප්‍රගමනය උදෙසා ක්‍රියාශීලීව කටයුතු කරන මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්ත‍මේන්තුවේ ‍වෙබ් අඩවිය සඳහා ඔබව පිළිගැනීමට හැකිවීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙමි.

ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මධ්‍යම පළාතෙන් බව අප සිහිපත් කරනුයේ මහත් ආඩම්බරයෙනි. ඒ 1906 දී මධ්‍යම පළාතේ තෙල්දෙණියේ දුම්බර සමුපකාර ණය දෙන සමිතියේ ආරම්භයත් සමගිනි. තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුපකාර සම්මේලනය ද පවත්වා ඇත්තේ 1914 දී ආණ්ඩුකාර ‍රොබට් චාමස්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහනුවර රජගෙදර දී ය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රාමීය බැංකුව ලෙස සී/ස මැණික්හින්න  ග්‍රාමීය මහජන බැංකුව 1964 දී මහනුවර දිස්ත්‍රික්කය ‍කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද බවද සිහිපත් කරමි. ාතේ ප්‍රධාන ලේකම්තුමා ඇතුඵ කාර්යමණ්ඩලයපළාත් ප්‍රධාන අමාත්‍ය හාමෙසේ ඇරඹි සමුපකාර ව්‍යාපාරය යුගයෙන් යුගයට විවිධ සන්ධිස්ථාන පසුකරමින් අද වන විට ශ්‍රී ලාංකීය ආර්ථික‍යේ සුවි‍ශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. 1911 වසරේදී ශ්‍රී ලාංකීය සමුපකාර ව්‍යාපා‍රයේ නීත්‍යානුකූල පරිපාලන ව්‍යුහයක් ඇති කිරීම සඳහා 1911 අංක 7 දරණ ණය දෙන සමිති ආඥා පනත ඇති කරමින් රජයේ අධීක්ෂණයට ලක් කළ අතර ඒ සඳහා වසර 105 ක් ගතවන මේ මොහොතේදී මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමුපකාර ප්‍රජාව වෙත සලසන සේවය පිළිබ ඳ සියලු විස්තර ‍ වෙබ් අඩවියක් හරහා ලබා දීමට හැකිවීම සුවිශේෂී කාරණයකි.

ලක්ෂ 8 ක් පමණ වූ මධ්‍යම පළාතේ සමුපකාර සාමාජිකත්වයට , 1850 ක් වූ ලියාපදිංචි සමුපකාර සමිතිවලට , වෙනත් රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට සහ පොදු මහජනතාවට මෙම වෙබ් අඩෙවිය හරහා අප දෙපාර්තමේන්තුව මගින් ලබාගත හැකි සේවාව හා එම සේවය ලබාගත හැකි කලාප හා දිස්ත්‍රික් කාර්යාල පිළිබ ඳ විස්තර ද තමන්ට අවශ්‍ය සේවය කඩිනමින් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ හා වාර්තා පිළිබඳ විස්තර ද මෙම ‍වෙබ් අඩවිය හරහා ලබාදී ඇත.

මෙම කාර්යභාරයන් ඉටුකිරීමේදී නිරන්තරව උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙමින් සහ අවශ්‍ය පහසුකම් ලබා‍දෙමින් අපව දිරිමත් කරන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු නිලූකා ඒකනායක මැතිතුමිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා සමුපකාර විෂය භාර අමාත්‍ය ගරු සරත් ඒකනායක මැතිතුමා සහ සමුපකාර විෂය භාර ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්තුමා මෙන්ම මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා ඇතුඵ කාර්යමණ්ඩලය ස්තූති පූර්වකව සිහිපත් කරමි.

ඒ අනුව , නවීන සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අපගේ සේවාවන් ඔබ වෙත ලබාදීමට සමුපකාර දෙපාර්තමෙන්තුව හා සියඵම සමුපකාර සමිති විසින් දරණ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමෙහිලා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමි.

එන්.එස් සේනාධීර,
මධ්‍යම පළාත් සභාවේ සමුපකාර සංවර්ධන කොමසාරිස්
සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්s

පුහුණු මධ්‍යස්ථානය

training centre අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 718 222881 මොහාන් මහතා අමතන්න

පාසල් සංවර්ධන වැඩසටහන්

school development program "පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 718 222881 මොහාන් මහතා අමතන්න

පුහුණු වැඩසටහන්

training programs IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න

අප වෙත පැමිණෙන්න

Reach usතැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,
බෝගම්බර,
මහනුවර, 20000
ශ්‍රී ලංකාව

Joomla template by Joomlashine.com